දින 12 දරුවකු මග දමාගිය
වෛද්‍ය සිසුවිය
තම කුසින් ප්‍රසූත කළ දින දොළහක් වයසැති පිරිමි දරුවකු රාත්‍රී කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෘරත්වයට පත්කර පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍ය සිසුවියක චෝදනා ලැබ සිටී.
මීට ටික දිනකට පෙර අනුරාධපුර සාලියපුර පූලියන්කුලම් ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක දොරක් අසල අලුත උපන් බිලිඳකු සුදු රෙදි කැබැල්ලක් මත ඔතා දමා ගොස් ඇති බවට අනුරාධපුර පොලීසියට ලැබුණ දුරකතන ඇමතුමක් මත පොලීසිය ගොස් පරීක්ෂා කරද්දී දරුවා ඔතා තිබු සුදු රෙදි කැබැල්ලට බල්ලකුගේ
අත් සහ කකුල් තබා ආපස්සට ගෙන ඇති බවට
ඇත්තේ දරු ප්‍රසුතියක් අපේක්ෂාවෙන් කුලී නිවසක නවාතැන් ගෙන සිටි කාන්තාවක මෙම ක්‍රියාව කර ඇති බවයි.
ඇය විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුවියක බවද හෙළිව තිබුණ අතර මිට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව දරුවකු ප්‍රසුත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බවද අනාවරණය විය.
ඇය පදිංචිව සිටි කුලී නිවෙස් හිමිකාරිය සොයා ගිය පොලිසිය දරුවා ප්‍රසූත කර දමා ගිය මවගේ දුරකතන අංකය සොයා ගත්තේ ඉන් පසුවයි.
සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පළකර තිබුණි. ඇගේ පෙම්වතා බව කියන අය ජපානයේ රැකියාව කරන බවද අනාවරණය විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් වාර්තාකර සිටියේ සැකකාර මව තවම වෛද්‍ය සිසුවියකවී නැති බවත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසකම් ලබා වෛද්‍ය පීඨය ඉල්ලුම් කර සිටින තැනැත්තියක පමණක් බවත්ය.
සැකකාර වෛද්‍ය සිසුවිය විසින් අතහැර කaaරත්වයට පත්කර ඇති බව කියන දින 12ත් වයසැති දරුවා මේ වනවිට අනුරාධපුර රෝහලේ සුරක්ෂිතව වාසය කරන අතර ඒ සම්බන්ධයෙන් ලබන 31 වනදාට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවල මහතා නියෝග කළේය.
31 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද එ සැකකාර වෛද්‍ය සිසුවියට දන්වා ඇත.