තමන් සතු තාක්ෂණික දැනුම භාවිතයෙන් කාන්තා හිංසනය මැඩ පැවැත්වීමට පොලිසියට උදව් කරමින් කාන්තා හිංසකයින් 140 ක් අල්ලා දෙන්නට සමත්වූ පුද්ගලයෙකු ගැන ඉන්දියාවෙන් වාර්තාවේ.
ඔහු තමා සතු රහසිගත කැමරා තාක්ෂණය හොඳ වැඩකට යොදාගත් අයෙකි. අව් කණ්නාඩි, බොත්තම්, පෑන්,
ඔරලෝසු ආදී විවිධ උපකරණවල සවිකර තිබෙන කැමරා භාවිතය ගැන අවබෝධයක් ඇති ඔහු ඉන්දියාවේ පොලිසිය සමග හවුල්වී දුම්රිය ස්ථානවල ,බස් නැවතුම්පළවල් වල ආදීයෙහි කාන්තාවන්ට සිදුවන හිංසනයන් සූක්ෂ්ම ලෙස අධීක්ෂණය කර පොලිසියට ඔත්තු සපයා හිංසනයන් සිදු කරන තරුණයන් අල්ලා දී තිබේ.
තමා දැන්වීම් ආයතනයක සේවය කරන කාලයේ මෙම අත්හදාබැලීම සිදු කළ බවත් නිරන්තරයෙන් දුම්රියේ ගිය තමාට කාන්තා හිංසන සිද්ධි නිතර දකින්නට ලැබෙන විට මෙවැනි වැඩක් කර කාට හෝ උදව් කළ හැකි නොවේදැයි කල්පණා වුණ බවත් ඒ අනුව කිහිප දෙනෙකු පොලිසියට වීඩියෝ සාක්ෂි සහිතව අල්ලා දුන් බවද කියා සිටී.

පසුව පොලිස් ඔත්තු අංශ මොහු සමග එකඟතාවයකට පිවිස ඔහුට රැකියාවක් ලෙස මෙම කාර්යය භාරදී ඇත. ඔහුට සහායකයින්ද ලබාදී ඇත. තමාගේ උපකරණ ආධාරයෙන් සජීවී ලෙස කාන්තා හිංසන අවස්ථාවන් පොලිසිය වෙත යොමු කිරීමේ ක්‍රමයක්ද දැන් ඔහු භාවිත කරන බවත් ඒ අනුව වෙනදාටත් වැඩියෙන් කාන්තා හිංසකයින් අල්ලා දෙන බවත් ඔහු පවසා ඇත. ඔහු මේ වනවිට මේ ආකාරයේ 140 දෙනෙකු අල්ලාදී ඇති බවද වාර්තා විය.