හෝටලයකට ගොස් තේ බීමෙන් පසුව සිගරැට්ටුවක් ගෙනඑන්නදැයි ඇසූ වේටර් සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුගේ නාසය සපයා තුවාල කළේයැයි කියන චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ
කොටුව මහේස්ත්‍රාත් සහ
වරද පිළිගැනීමෙන් අනතුරුව විත්තිකරුට වසර 5 කට අත්හිට වූ බරපතළ වැඩසහිත අවුරුදු 1ක සිරදඩුවමක් නියම විය.
ඊට අමතරව රුපියල් 1500ක දඩයක්ද නියම කෙරුණු අතර මොහු තහනම් පිහියක්ද ළඟ තබාගෙන සිටියේ යැයි වෙනම චෝදනාවක වරද පිළිගැනීමෙන් පසු ඒ සඳහා රුපියල් 50ක දඩයක්ද නියමවිය.
කොටුව පොලිසිය මොහුට එරෙහිව නඩු පවරා තිබේ