මෙවර පහ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ වන්නේ ලකුණු 164යි.
හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 162ක් වන අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 161ක් ලෙසයි.
එමෙන්ම මුලතිව්, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල යන දිස්ත්‍රික්කවල අවම ලකූණු සීමාව 160ක් වන අතර නුවරඑළිය, මන්නාරම, ත්‍රිකුණාමලය,
කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 156කි.
නුවරඑළිය, කිලිනොච්චිය, වවුනියාව, රත්නපුර, අම්පාර, මඩකළපුව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව වන්නේ 154කි.
මන්නාරම, බදුල්ල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව 153කි.
එමෙන්ම දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව ලෙස හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල 152ක් වන අතර මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහි ලකුණු සීමාව 151කි.
යාපනය දිස්ත්‍රික්කයේ පමණක් දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව වන්නේ ලකුණු 155කි.
පසුගිය අගෝස්තු මස 20 වැනිදා පැවැති පහ ශේර්ණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ පනස්දහස් හාරසිය හැට දෙදෙනකු (3,50,462) පෙනී සිටි අතර යම් සිසුවකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මෙම මස 20 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් මඟින් අභියාචනා ඉදිරිපක් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කරයි.
ප්‍රතිඵල පිළිබඳ විමසීම්
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ක්ෂණික ඇමතුම් අංක 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛා අංක 011 2784208, 011 2784537, 011 3188350, 011 3140314 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
උදයන්ති මුණසිංහ