මුස්ලිම් මතවාදයට
ආනන්ද නාලන්ද විද්‍යාලයන් දෙකට මෙන්ම අනෙකුත් සියලුම ජාතික පාසල්වල ගුරු මාරුවක් අමාත්‍යංශ මට්ටමින් සිදු කර තිබෙන්නේ ඊට අදාළ චක්‍ර ලේඛය ප්‍රකාරව වසර 10ක සේවා කල් පිරීම මත ලබාදෙන ස්ථාන මාරු පදනමිනි. සාමාන්‍යයෙන් මෙම ක්‍රමවේදය කලින් කල සිදු කරනු ලබන අතර ඒ යටතේ ජාතික පාසැල් 352ක ගුරුවරු 3000 කට ස්ථානමාරු මෙම වසරේ ලබාදී ඇත. එම මාරුව යටතේ ආනන්ද නාලන්ද විද්‍යාලයන් දෙකේ ගුරුවරුන්ද මාරුවී ඇති නමුත් මුස්ලිම් ජාතික ගුරුවරුන් එම පාසල් වලට අනුයුක්ත කර නැති බව අධ්‍යාපන අමාතයංශය තහවුරු කර තිබේ.