ලංකාවේ සේවාවන්හි නියුතු බස් රථ රියදුරන් හා කොන්දොස්තර මහතුන් වැඩි පිරිසක්ශ්‍රවණ ආබාධ වලින් පෙළෙන අය බවට සමීක්ෂණයකින් හෙළීවී තිබෙයි.
රාගම වෛද්‍ය පීඨයේ ශ්‍රවණවේදී වෛද්‍ය උපාධියේ අවසන් පර්යේෂණය වෙනුවෙන් සායනික ශ්‍රවණවේදිණී ශාන්තා ප්‍රසාදිනි ජයතිලක මාස 8 ක් තිස්සෙ සිදු කළ පරියේෂණ ඇසුරෙන් මෙම කරුණු අනාවරණය කර
තිබේ.

මෙම පර්යේෂණයට කඩවත බස් නැවතුම්පළ ආශ්‍රිතව වයස 20-40 අතර පුද්ගලයින් 86 දෙනෙකු නියැදිය ලෙස යොදාගෙන තිබෙන බවද පැහැදිලි කර තිබේ.

ශ්‍රවණ ආබාධ වලට වැඩි ප්‍රතිශතයක් යොමුවීමේ ප්‍රවණතාවයක් මෙම පරියේෂණයෙන් හෙළිව ඇත.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ වම් කණ නෑසෙන බවත් බස් රථවල හෝන් ශබ්ද , ජංගම දුරකථන භාවිතය,සංගීත රේඩියෝ යන්ත්‍ර භාවිතය ආදිය මෙම කාරණාවන්ට හේතවී ඇතැයිද වාර්තා කර තිබේ.