කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (17) ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. එක්සත් ශිෂ්‍ය සංගමය සහ පොදු ශිෂ්‍ය සංගමයේ සිසුන් අතර
මෙම ගැටුම හටගෙන ඇත.
සිද්ධිය සැලවීමත් සමග බොරැල්ල හා මරදාන පොලිස් ස්ථානවල අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණ සිසුන්ගේ ආරක්ෂාව තර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පොලිස් කණඩායම් නොනිවාසිකාගාරය තුළට ගොස් සිදුවීම පාලනය කොට සියලු සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් කර ඇතැයිද ඔහු කීය. පොලිසිය එම ස්ථානයට බස් රථ ගෙන්වා සියලු සිසුන් ඒවාට නංවා පිටත්කර යවා තිබේ.
මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.