මඩ අවලාද කතා ගැන
ඇමති දුමින්ද කථාකරයි

ඒඩ්ස් රෝගයට ගොදුරුවූ ඇමතිවරයෙකු ලෙසත්,ගංජා කාරයෙකු ලෙසත්, සබීතට හිතවත්ව ගොඩනැගිලි බිල් ගෙවන්නෙකු ලෙසත් පසුගිය කාලයේ විවිධ මඩ අවලාද චෝදනා වලට ලක්වූ කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක සම්මුඛ සාකච්ඡාවකින් ප්‍රශ්න කරන්නට අපට පසුගියදා හැකි වුණා.
ඇමතිවරයා සමග අප සිදු කළ විශේෂ සාකච්ඡාවේදී ඔහු මෙසේ කියා සිටියා.

‘මට අවුරුදු 4 ක දියණියක් ඉන්නවා.අම්මා ඉන්නවා.මං ඩිවෝස් වෙලා අවුරුදු 4 ක් වෙනවා. කලින් බිරිය සමග දරුවා ජීවත් වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ සමග තමයි දැන් ඇය විවාහවී තිබෙන්නේ. නමුත්
අපි දේශපාලන මත දෙකක් දැරුවත් මං එහේ යනවා කතා බහ කරනවා.
මං  අවුරුදු 21 සිට පාර්ලිමේන්තුවෙ අඛණ්ඩව අවුරුදු 17 ක් මන්ත්‍රී ධූරය දරනවා.පහුගිය වසර දෙකහමාරෙදි තමා මේ දෝෂාරෝපණ.මං ලේකම් වුණායින් පස්සේ.

දැන් ඉන්න තරුණ මන්ත්‍රීවරුන් අතරින් ඩිවෝස් වුණ

එකම කෙනා මං නෙමේ. ඩිවෝස්වීම හා තනියෙන් ජීවත්විම නිසා සියලුම අවලාද නැගීම වැරදියි. එය මගේ සමීප අයට හොඳ නෑ.

මඩ ටික පැත්තකින් තියලා ප්‍රතිපත්තිමය වශයෙන් විවාදයට එන්න කියල මං කියනවා.

මාව සම්බන්ධ කරලා සබීතාගේ ගොඩනැගිල්ල ගැන කතාවත් මඩක්..අද වෙනකොට සහ කලින් ආණ්ඩුවේ ඒවගේම වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් එකෙත් අමාත්‍යංශ පවත්වා යනවා.මේක මඩක් වෙන්නේ කෘෂිකර්ම අමාතයංශයට විතරයි.
මේක ආණ්ඩුවෙන් ගත්ත ප්‍රතිපත්ති තීරණයක් මත පවත්වා යන්නේ.

ජයසිංහ මහත්තයාගෙ බිල්ඩිම තෝරල තිබුනෙත් නීත්‍යානුකූලව. මේ ආණ්ඩුවෙ නියෝජිතයින් සමග.මේකට ගොවි ජනතාවට වෙන් කරපු මුදල් වෙන් කරල නෑ. අපි මේකෙ අවශ්‍ය පහසුකම් අපට අවශ්‍ය පරිදි සපයගෙන යන්න වුණ නිසා තමයි පදිංචියට යන්න පරක්කු වුනේ.

මගේ නමට ගංජා කාරය කියලත් මඩක් පටබැඳලා තිබුණා. ඒ මඩ හදපු මනුස්සයා මගේ නිවසට ආපු කෙනෙක් එයා පසුව කිව්වා හිතාමතා ඒ ගැන ගොතලා කිව්වයි කියලා.
 ඔය විදිහට මඩ හැමතැනම නමුත් ඇත්ත තත්වෙ වෙනස්.මින් පසු පුද්ගලයො ගහන මඩ වලට මං උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.‘

ඉහත දේ වැඩිදුර විස්තර කරමින් ඇමතිවරයා පැවසූ සම්පූර්ණ පිළිතුරු වීඩියෝව පහතින්