ඔව්. ඔබ හරි. මෙම වැඩිපුරම වැඩකරලා තියෙන්නේ වේදිකාවේ.
• පාසල් යන කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ නළුවෙක් වෙන්නද?
ඇත්තටම එහෙම ආසාවක් සහ කිසිම අදහසක් මගේ හිතේ කවදාවත් ඇතිවෙලා නැහැ.
තව දෙයක් ඉස්කෝලේ යන කාලෙ මට ඔය ලොකු හීන බලාපොරොත්තු තිබුණෙත් නැහැ. මම අනාගතේ අරයා වෙනවා මෙයා වෙනවා කියලා අරමුණක් තිබුණෙත් නැහැ. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා නාට්‍ය කළා. විශේෂයෙන් මගේ රංගන ජීවිතේ ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත විතානගේ, පේමකුමාර කරුණාරත්න සර් ආදරයෙන් මතක් කරන්න ඕනේ. රංගනයේ මට බොහෝ දේවල් ඉගැන්වූවේ ඔවුන්.
විශේෂ ප්‍රියතාවයක් තිබුණේ නැහැ. හැබැයි මම දිගටම නාට්‍ය කළා. එදා පටන්ගත්ත එක තවමත් මම නාට්‍ය කරමින්, රංගනයේ යෙදෙමින් ඉන්නවා. හැබැයි එකක් කියන්න ඕන අනෙක් විෂයන් වගේම මෙකත් විෂයක්, සෑහෙන දේවල් සොයා ගන්න තියෙනවා. නළුවා කියන පුද්ගලයා හැම මොහොතකම අනෙකාට රසයක් දීම සඳහා තමන්ගේ මානසිකත්වය ඩැමේජ් කරගන්නවා. ඒක ඉතින් මේ රස්සාවේ හැටි.
• වේදිකා නාට්‍යවලින් කලාවට එනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි, ටිකක් අමාරු වැඩක්. කොහොමද කළණ මේ පිමම පනින්නේ?
මම ඉගෙන ගත්තේ පිළියන්දල මැදි විදුහලේ. ප්‍රේමකුමාර සර් තමයි මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වුණේ. පාසල් කාලෙන් පස්සේ ඔහු මාව එළියේ කලා වැඩවලටත් දායක කරගත්තා. 2001 අවුරුද්දේ ඉඳලා වේදිකා නාට්‍ය කරන පිරිස අතරේ මමත් රස්තියාදු ගහමින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. බොහෝ දේවල් ගැන අත්දැකීම් ගත්තා. වේදිකා පරිපාලනය, රංගනය, අධ්‍යක්‍ෂණය, මේ සියලුම දේවල් කරමින් අවුරුදු දහයක්ම නාට්‍ය කලාවත් එක්ක රස්තියාදු ගැහුවා. තවමත් අපි ඒ නාට්‍ය එක්ක රස්තියාදු ගහනවා.
• අවුරුදු දහයක්ම රස්තියාදු ගහපු වේදිකාවෙන් කළණට මොනවද ලැබුණේ?
ලැබුණ දේවල්, නැතිවුණ දේවල් අනන්තයි අප්‍රමාණයි. වේදිකාව කියන්නේ කට්ටක්, කට්ට වුණාට අපි එකතු වෙලා එක එක නාට්‍ය කළා. 2004 අවුරුද්දේ මමයි රුවන් මලිත් පීරිස් මිත්‍රයායි එකතු වෙලා "දාස මල්ලිගේ බංගලාව” කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒකට රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන අටක් ලැබුණා. ඒකෙදි හොඳම අධ්‍යක්‍ෂණයට සම්මානය ලැබුණේ අපි දෙන්නට. ඒකත් එක්ක මම රංගනයට වඩා අධ්‍යක්‍ෂණයට වැඩිපුර යොමු වුණා. අවුරුදු දහයක් වේදිකාවේ ගහපු රස්තියාදුවේ ප්‍රතිඵල තමයි ඒ.
• ඔබ රගපෑ බොහෝ ටෙලිනාට්‍ය ඔබත් සමගම සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව්. මේ වසන්ත කාලයයි වගේම One way ටෙලි නාට්‍යවලට නිර්දේශ වුණා. හුස්ම සහ ඔක්සිජන්වලට ගිය වසරේ මට සම්මාන දෙකක් ලැබුණා. සම්මානයකට පුළුවන් නිර්මාණකරුවකුට යම් පිළිගැනීමක් සහ ශෛධර්යයක් දෙන්න. ඇත්තටම මට රංගනය කියන දේ ඇතුළේ ජනප්‍රිය වෙන්න උණක් තිබුණේ නැහැ. අදටත් මට ජනප්‍රිය වීමේ පිස්සුවක් නැහැ. බොහෝ නළුවෝ කැමතියි තරු වෙන්න. ඒත් මට ඕන තරු වෙලා බැබළෙනවාට වඩා මේ විෂය ඇතුළේ මට කොච්චර දුරකට වැඩකරන්න පුළුවන්ද කියන එක අධ්‍යයනය කරන්න විතරයි.
• “කුඹියෝ' කියන්නේ ඔබ කළ අධ්‍යයනයේදී නතර වුණ එක තැනක්ද?
• කළණත් කලාව ඇතුළේ ජීවත් වෙන්න ලොකු ගේමක් ගහපු කෙනෙක්ද?
මම හරිම සරල මිනිහෙක්. මම කවදාවත් සල්ලි පස්සේ දුවපු මිනිහෙක් නෙමෙයි. කෙනෙකුගේ ජනප්‍රියත්වය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයෝ. ඒක ආභරණයක් නෙමෙයි කැමැත්තක්. අපිව අගයන සියලුම දෙනාට මම හිස නමා ආචාර කරනවා. මම ඒක භාරගන්නේ ආදරයක් විදිහට වඩා වගකීමක් විදිහට, කලාව ඇතුළේ විතරක් නෙමෙයි මනුෂ්‍යයෙක් විදිහට ජීවිතය ගෙනියනව කියන්නේ ගේමක් තමයි.
• කළණගේ පවුලේ විස්තර ටිකකුත් කියමුකො..
මම ජීවත් වෙන්නේ වෙනිවැල්තොට කියන කොළඹ නගරයට ආසන්න ගමක, මගේ තාත්තා අද ජීවතුන් අතර නැහැ. අම්මයි, මල්ලියි මට ඉස්සර ඉඳලම කලා වැඩ කරන්න මාර සහයක් දෙනවා. ඒ වගේම මගේ බිරිඳ ගයත්‍රි මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. තාම මගේ තටු කැඩෙන්නෙ නැතුව තියෙනවා. ඉතින් ඒ ස්තූතිය ඒගොල්ලන්ට.
• “කූඹියෝ'ට අමතරව මොනවද මේ දවස්වල අලුත් වැඩ?
සිනමා කෘති කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. තව “සුපර්ණා' චිත්‍රපටයෙන් රංගනයෙන් දායක වෙනවා.
• ඔබට “කුඹියෝ' ටෙලි නාට්‍යයේදී අපූරු පුද්ගලයකු මුණ ගැහෙනවා. ඔහු ගැන කතා
කළොත්?
රංගන ශිල්පියෙක් විදිහට ඔහු අනෙකාට දෙන සහයෝගය ඇත්තටම මාරයි. ඒක වචනවලට ගන්න බැහැ. තුමිදු කියන්නේ අති දක්‍ෂ නළුවෙක් මිසක් රේස් අස්සයෙක් නෙමෙයි.
• කළණව නිතර ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන්නැත්තෙ ඇයි?
ඇත්තටම දීර්ඝ ටෙලිනාට්‍යවල වැඩ කරන්න මම කම්මැලියි. චරිත අස්සේ අවුරුදු ගණන් ඉන්න මම කැමති නැහැ.
(සාකච්ඡාව - නදීෂා අතුකෝරල ඡායාරූප-චමත් වින්දුල අනුග්‍රහය - සඳැල්ල ලංකාදීප)