හින්දු කෝවිල් ආශ්‍රිතව සිදුවන බිලි පූජා තහනම් කරමින් නඩු තීන්දුවක් දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතාගේ තීන්දුව බෙහෙවින් අගය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා
මහතා පවසයි.

මින් ඉහත කැලණියේ බිලිපූජා සම්බන්ධයෙන්ද මාධ්‍ය අවධානයට ලක්වන කටයුතු වල යෙදුණ මර්වින් එම ්‍රකියාව අගය කළේය.
මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව සටන් කර ආන්දෝලනයට ලක් වූ තමාට අත්දැකීම් ඇති බවත් ඔහු ඛීය.

 "ඔය නඩුකාරතුමා මම විශ්වාස කරන්නේ එතුමා බෝධිසත්වයෙක්. දැන් බෝධිසත්වවරු මේ විශ්වය තුළ උපදිනවනේ. ධර්මපාලතුමා, මුනිදාස කුමාරතුංග මැතිතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා,ඕල්කට්තුමා ඒ වගෙ අය ඇත්තෙන්ම බෝධිසත්වවරු. ඒ වගේම බෝධිසත්වයෙක් තමයි ඔය නඩුකාරතුමා."

මින් මතු නඩු තීන්දු ලබා දෙන විට යාපනේයේ මහාධිකරණ විනිසුරුතුමා අනුගමනය කරන මෙන් අනෙකුත් විනිශ්චයකාරවරුන්ගෙනුත් ඉල්ලීමක් කළ සිල්වා මහතා, ඒ පිනෙන්ම දිව්‍ය ලෝකේ යාමට හැකි බව කීය.