ඉන්දියාවේ මුම්බායි නුවර පාසල් සිසුවියකට අතවර තැතක් නිසා දුම්රියෙන් පැන බරපතල තුවාල සිදුවීමේ සිද්ධියක් නිසා ඊයේ ආන්දෝලනයක් හටගත්තා.සීඑස්එම්ටී හා මස්ජිට් අතර ගමන් කළ දුම්රියක කාන්තාවන්ට වෙන් කළ කුටීරයක සිටි පයාල් කම්බ්ලේ නමැති 13 හැවිරිදි සිසුවියට අතවර කරන්නට
ආ මගියා නිසා බියට පත්වූ ඇය දුම්රියෙන් පැන ජීවිතය බේරාගන්නට උත්සාහ කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය නිසා ඇගේ හිසට හා පාද වලට බරපතල තුවාල සිදුවී ඇත.
සිද්ධිය නිසා තුවාල ලද ඇය පසුව ප්‍රදේශවාසීන් රෝහල් ගතකර ඇත.
ඇය තවමත් රෝහලේ පසුවේ.
මේ ආකාරයේම දැරියන් අතවරවලට බියෙන් දුම්රියෙන් පැන පාද අහිමිකරගැනීමේ සිද්ධි 2 ක් ඉන්දියාවේ 1998 හා 2012 වාර්තාවී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා සඳහන් කරයි.
කාන්තාවන්ට සිදුවන හිංසනය බහුල රටක් ලෙස නම්දරා තිබෙන ඉන්දියාවේ මින් ඉහත සමූහ දූෂණ සිද්දි නිසාද ආන්දෝලන හටගෙන තිබුනි.