පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කොට්ටාශ මට්ටමින් පැවැත්වීම සම්මත කර ඇති ක්‍රමවේදය නීතියට පටහැනි බවට තීන්දුකරන ලෙස ඉල්ලා හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින්
ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නයැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික විරෝධතා මතුකර තිබේ.
අදාල පෙත්සමෙ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවෙනක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්
ජනාධිපති නීතිඥ එම්, ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පනතක් පිළිබඳ අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවට පෙත්සම්කාර සරත් එන් සිල්වාද අගවිනිසුරු ලෙස කටයුතු කළ අවධියේ තීන්දුවක් ලබාදී තිබූ බව සිහිපත් කළේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම ඉදිරියේ නැවත සැලකීමට තීරණය විය.