පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩසටහන ඊයේ(02) ආරම්භ වුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,අධ්‍යාපන ඇමති අකිල විරාජ් ඇතුළු
මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත් වුණි.
එහිදී සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සහ පාසල් දරු දැරියන් කිහිප දෙනෙකුට සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිනමා තිබේෙ
රක්ෂණය සඳහා වන සියලු ගෙවීම් රජය මඟින් සිදු කරන අතර මේ වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2.7ක මුදලක් වෙන් කර තිබේ.
ඒ යටතේ නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම්වලට අදාළව වාර්ෂිකව රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීමට නියමිතය.
රජයේ රෝහල් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලික රෝහල්, ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදු කරයි.