ඔක්තෝබර් මස 20 වැනිදා රජය මඟින් පොල් හා තල් රා මැදීම සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විශේෂ ගැසට් නිවේදනය මඟින් උතුරේ තල් රා නිෂ්පාදනයෙන් ජීවත් වන පවුල් 18,000කට පමණ ඔවුන්ගේ රැකියාව
කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි
නව ගැසට් නිවේදනය මඟින් තල් හා පොල්වලින් රා නිෂ්පාදනය සම්බන්ධයෙන් තහනම් නියෝග හා සීමා කිරීම් ගණනාවක් ඉදිරිපත්කොට ඇති නිසා උතුරේ පාරම්පරික කර්මාන්තයක් වන තල් රා නිෂ්පාදනයේ නිරත පිරිසට ඔවුන්ගේ රැකියාව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
පොල් ගස්වලින් රා මැදීම නිසා එම වගාවන්වල අස්වැන්න අඩුවීමක් සිදුවන නිසා රජය මේ තීරණය ගෙන ඇතත් තල් ගස්වල අස්වැන්න අඩුවීමෙන් එය රටේ ජනතාවගේ පාරිභෝජනයට හෝ ආර්ථිකයට කිසිදු බලපෑමක් සිදු නොවන බව දේවානන්දා මහතා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
මේ නිසා අදාළ ගැසට් නිවේදනයෙන් පොල් සම්බන්ධයෙන් පනවා ඇති තහනම් නියෝග හා සීමා කිරීම් ඒ අන්දමටම ක්‍රියාත්මක කොට තල් සම්බන්ධයෙන් අලුතින් පනවා ඇති සියලුම නීතිරීති ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
වවුනියාව - රසාදි චතුරංගි ගමගේ