උමාඔය ව්‍යාපෘතිය නතර කරන්නයි බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ඊයේ 11 නැවත
බලධාරීන්ට බලපෑම් කිරිමට බදුල්ල නගරයට පැමිණ උද්ඝොෂණයක නිරත විය.

 ස්ථාන 6 කටම පොලිසිය මගින් උසාවි වාරණ නියෝග ගෙන තහනම් කර තිබූ නිසා බදුල්ල නගරයට පැමිණි 2000කට අධික ජනකායක් බදුල්ල නගරයේ  පැරැණි ඔරලෝසු කනුව අසලට රැස්වි විරෝධය පළ කරන ලදි. ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම පිරිසට එක්වි සිටියහ.


බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7037ක් සහ ගැඹුරු ළිං 3112 විනාශකරමින් බණ්ඩාරවෙල, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල , හපුතලේ සහ හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ටාස 6 ක ජන ජීවිතය සහමුලින්ම විනාශ කරමින් තාමත් ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය නතර කිරීමට ඔවුන් ඉල්ලා සිටී.

වාර්තාව හා ඡායාරූප - වජිර උමගිලිය