අතුරුගිරිය ජයන්තිපුර ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකු තම කෝපය පළ කිරීමේ ක්රමයක් හැටියට නිවසේ වාසය කරමින් සිටි බව කියන 54 හැවිරිදි ඔහුගේ නෑකමින් පුංචි අම්මාට දරුණු ලෙස අතවර කිරීමේ
සිද්ධියක් වාර්තාවේ.
පුංචි අම්මා දිවි ගෙවූ එම නිවසේ ගරාජ කාමරය තුළට ඇතුළු වී දරුණු ලෙස අතවර කරන ලද බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.
අතවරයට ලක් වූ කාන්තාව හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර අතවර කළ පුද්ගලයා
අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය වාර්තා කරයි.
මෙම පුද්ගලයා මීට පෙරද කාන්තාවකට අතවර කිරීමට උත්සහ දැරීමේ සිද්ධියකට රිමාන්ඩ් ගතවූ අයෙකි.