බැංකු කටයුත්තක් සඳහා යැයි කියමින් පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා ගල්ගමුව සොලෙපුර නිවසින් පිටව ගිය කාන්තාවක මේ වනතෙක්ම අතුරුදන්ව ඇතැයි ඇගේ මවුපියන් දන්වා ඇත.
නිසංසලා සඳමාලි රාජපක්ෂ නමැති ඇය අවුරුදු 25ක දෙදරු මවකි. අතුරුදන් වූ කානතාව අනුරාධපුර නගරයේ බැංකුවකට මුදල් ලබා ගැනීම සඳහා යන බව කියමින් ඉකුත් මස 26 වැනිදා උදෑසන 9.30ට පමණ සිය
මිත්තණිය සමඟ
බැස ඇති ඇය මිත්තණියට අවශ්‍යව තිබූ කළමනා රැගෙන දී ඇයව බස් රථයකට නංවා පිටත් කර එවා තිබේ. එදා හවස සිට මෙවනතුරුම ඇගේ දුරකතනය ක්‍රියා කර නැත.
ගිරිබාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුරේ බැංකුවට අදාළ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී
ඇය බැංකුවට ආ අයුරු සටහන්ව ඇති අතර බැංකුව ඇතුළේ සිට සල්ලි රගෙන පාරට එන දර්ශනද ඇත. නමුත් ඉන් පසු ඇයට සිදුවූ දේ ගැන සාක්ෂි හමුවී නැත.
අතුරුදන් වූ මෙම කාන්තාව කරුවලගස්වැව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර, අවුරුදු 8ක හා 4ක කුඩා පිරිමි ළමයින් දෙදෙනකුද සිටින්නියකි. සිය සැමියාගෙන් වෙන්ව ඇති ඇය එතැන් පටන් ජීවත්ව ඇත්තේ ඇගේ මවුපියන්ගේ නිවෙසේය. තොරතුරු දන්නේ නම් 0725691670 යන අංකයට දැනුම් දෙන ලෙස මවුපියෝ ඉල්ලා සිටී.