අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් පිණ්ඩපාතයේ වඩිමින් සිටි හිමිනමක් අපවත් වී තිබේ.

අපවත් වී ඇත්තේ

බෙලිඅත්ත සිටිනාමළුව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හාගල අමිතරතන නමැති 31 වියැති හිමිනමකි. අනතුරින් බරපතළ තුවාල ලැබූ උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබේ.

ටිපර් රථය හම්බන්තොට සිට කලමිටිය ධීවර වරායට කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ එකක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු අම්බලන්තොට පොලිසිය සිදු කරයි..

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි