"කුඹියෝ” ඉතා කෙටිකලක් තුළ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිවාරයක් දිනාගන් ටෙලිනාට්‍යයක්, සාම්ප්‍රදායික රාමුවෙන් මිදී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නව මානයක් හඳුන්වා දෙමින් නිර්මාණය වූ එහි අධ්‍යක්ෂවරයා ලක්මාල් ධර්මරත්න..... ඔහුගේ ආගමනය හා "කුඹියෝ” ගැන අප සමඟ කතාබහ
කළා.....!

" ඔබ කවුද? කොහොමද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ තෙවන සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඒ වෙනකොට මම හොඳ රැකියාවක් කරමින් හිටියෙ. නමුත් මට දැඩි ආශාවක් සහ උනන්දුවක් තිබුණේ මේක ඉගෙන ගන්න ඕන කියලා. අපිට
ඉගෙන ගන්නා වෙන ආකාරයක් නැ. වැඩ කරලම් තමයි ඉගෙන ගන්න ඕන. ඒ නිසා මම රැකියාව අතහැරලා කලා ක්ෂේත්‍රයට ආවා. ඊට පස්දෙස මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරු යටතේ වැඩ කළා. මම ජයන්ත අයියත් එක්ක අවුරුදු දෙක තුනක් වැඩ කරා, ඊට පස්දෙස මම් ප්‍රචාරක ආයතනයකට සම්බන්ධ වුණා.l ඔය විදිහට මම ටිකෙන් ටික අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. මම විග්වාස කරන විදිහට අධ්‍යක්ෂණය කියන්නෙ කලාත්මක කටයුත්තකට වඩා විද්‍යාත්මක කටයුත්තක්, ඉතින් මම ඒ විදිහට හැදෑරීම හැකි උපරිමයෙන්

කළා. ඊට පස්සෙ මගෙ පිටපත් රචකයා දෂිත මුණගැහුණා. ඔහුත් එයංගලන්තයේ චිත්‍රපට ගැන හදාරමින් සිටිය කෙනෙක්. අපි දෙන්නා එකතු වෙලා ඉතින් "කුඹයෝ" නිර්මාණයට අඩිතාලම් දැම්මා.


* ඔබගේ පළමු නිර්මාණය හැටියට ඇයි "කුඹියෝ" වගේ නිර්මාණයක් තෝරා ගත්තෙ?

මම ඉස්සර ඉඳලම් හිතපු දෙයක් තමයි ලෝකයේ සියලුම දේවල්වලට සමාන්තරව අපේ රටේ ඒ හැම් දෙයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට අද ලෝකයේ එළියට එන විලාසිතා, ඇඳුම් පැළඳුම්, සපත්තු සෙරෙප්පු, චිත්‍රපට හැම දෙයක්ම මෙහෙ තියෙනවා. නමුත් අපේ නිර්මාණකරණය විතරක් ලෝකයට සාපේක්ෂව ඉතා ප්‍රාථමික තැනක තියෙන්නෙන. මම හරි අවධානයකින් ඉන්නෙන මේ වෙලාවේ මොකක්ද ලෝකයේ වෙන්නෙ කියලා. ඉතින් මම හිතුවා ලෝකයට සාපේක්ෂව අපි නිර්මාණකරණයට පිවිසෙන්න ඕන කියලා. මොකද අපි ටෙලිනාට්‍යකරණයේදී ඉන්නෙ තාම් අනුව දශකයේ ඉතින් අපිට ඕන වුණා මෙටලිනාට්‍යකරණය අද දවස දක්වා අරගෙන එන්න.

* ඔබ කිව්වා. අපි තවම ටෙලිනාට්‍යකරණයෙන්
ඉන්නෙ අනුව දශකයේ කියලා. නමුත් බොහෝ අයගේ පිළිගැනීම අනුව දශකයේ තමයි හොඳම ඒවා ආවෙ?

ඔච්. මම හිතන්නෙ මෙහෙමයි. ඕකට හේතුව අනුව දශකයෙන් පස්සෙ හොඳ නිර්මාණ බිහි වුණේ නෑ. අපි මෙහෙම හිතමු. උස ගොඩනැඟිල්ලක ඉඳලා අපි එළියට ඇවිල්ලා ආපහු බැලුවම් අපිට පේන්නෙ ඒ ගොඩනැගිල්ල විතරමයි. හැබැයි ඒ තව ගොඩනැගිලි නැති හින්දා! තව ගොඩනැගිලි තිබුණා නම් අපිට අර ගොඩනැගිල්ල විතරක් ජෙන්නෙ නෑ. ඒක තමයි අපිට වෙලා තියෙන්නෙ. මම් හිතන්නෙ අපේ නිර්මාණාත්මක පරම්පරාව අනුව දශකයෙන් ඉදිරියට ගියේ නෑ. අනුව දශකයේ නවත්වපු තැනින් ටෙලිවිෂන් එක ඉස්සරහට ගියේ නෑ. එදා සහ අද අතර ලොකු නිර්මාණ හිඩැසක් තියෙනවා.

* "කුඹියෝ" රූගත කරලා බොහෝ කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?

මම දැක්කා කෙනෙක් ලියලා තිබුණා "ලංකාවේ ඩෙනිම ඇඳපූ පළවෙනි කෙල්ල ගැන මට තියෙන්නෙ ආඩම්බරයක් කියලා” ඇත්තටම් ඒක මාර දෙයක්නො, මොකද අපි ඩොනිමට මාරු වෙන්න පරම්පරා දෙකක් විතර ගත්තා ඒ වගේම තමයි කුඹියෝ. මේ වෙලාවේ රටේ වෙළෙඳපොළ ඉල්ලපු දෙයක් නෙමෙයි කුඹියෝ, ඉතින් අපි ගත්තෙ අභියෝගයක්. මොකද මේ වෙලාවේ ප්‍රේක්ෂක වෙළෙඳපොළේ විකිණෙන්නෙ වෙන දෙයක්’ අලුත්ම දෙයක් වෙළෙඳපොළට දැමීමට යම්කිසි කාලයක් යනවා. ඒක විකිණෙන්න. මං හිතතනවා ඒ කාලය තමයි ඒ ගියේ, ඇත්තටම මටත් දමිතටත් වඩා ඒ අභියෝගය භාර ගැනීමේ කෘතගුණය හිමි වෙන්න ඕන නිෂ්පාදකතුමාට.

* වර්තමානයේදී නිර්මාණය විය යුතු යැයි ඔබ කියන ටෙලිනාට්‍යවල වටිනාකම රූපවාහිනි නාලිකා විසින් හඳුනාගෙන තියෙනවා කියලා ඔබ හිතනවද? ඒෙක දෙපැත්තක් තියෙනවා.

නිර්මාණකරුවන්ගේ වගකීමක් තමයි රූපවාහිනී නාලිකා ඉදිරියේ කෙලින් හිටගන්න පුළුවන් නිර්මාණ බිහි කරන එක. ඒ වගේම රූපවාහිනී නාලිකා තේරුම් ගන්න ඕන ප්‍රේක්ෂකයා දැන්
රූපවාහිනිය අත අරිමින් චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වෙත නැඹුරු වෙමින් ඉන්නවා කියලා' ඉතින් මේ හිඩැස පුරවාගත්තෙ නැත්නම් ඉතා ඉක්මනින් රූපවාහිනී නාලිකා වඳ වී යෑමට නියමිතයි. එතකොට ප්‍රවෘත්ති විතරක් යන නාලිකා බවට පත්වෙයි. ඒ නිසා නාලිකා සියල්ලම් අලුත්

හැඩතලයේ නිර්මාණවලට ඉඩ දිය යුතුමයි.

* ඒ කියන්නෙ වඳ වීමට නියමිත ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නව මාවතක්ද කුඹියෝ.....”

ඒක තීරණය වෙන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියන එකත් එක්ක, සමහර විට "කුඹියෝ" හුදකලා උත්සාහයක් විදිහට ඉවර වෙන්න පුළුවන්, මීට කලිනුත් ඕන තරම් එහෙම වෙලා තියෙනවා. ඉතින් තවත් එක් හුදකලා උත්සාහයක් විදිහට ඉවර නොවෙන්න රූපවාහිනී නාලිකා සහ නිර්මාණකරුවෝ වගබලා ගන්න ඕන, විශේෂයෙන්ම නාලිකා හසුරුවන වගකිවයුතු පිරිස, එහෙම් කෙරුවොත් රටේ තියෙන කතාබහත් එක්ක |ෙටලිනාට්‍ය ක්ෂේත්‍රයේ ලොකු පිෂමක් පනින්න හැකි වෙයි.

* සාමාන්‍යයෙන් අපේ රටේ හොඳ නිර්මාණ බිහි වුණාට ඒවා රැලිවලට හසුවෙනවා. කුඹියොත් රැල්ලකට ගසාගෙන යයිද?
එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ලේසි නැ. මොකද අද පිටපත් රචනය යම‍ෙ
අභියෝගාත්මක කටයුත්තක්. අනෙක් පැත්තෙන් මං හිතනවා හුග දෙනෙක් ලේසි පාර තෝරා ගනියි කියලා. මෙහෙම දේකට මහන්සි වෙනවට වඩා ලේසියි මොකක් හරි සරල ආදර කතාවක් කරන එක. ඒ නිසා "කුඹියෝ" රැල්ලට හසුවෙන එකක් නැ කියලා මට හිතෙනවා.

* කුඹියෝ තවත් "මෙගා ටෙලිනාට්‍යයකට" පරිවර්තනය වන නාට්‍යයක් නෙමේයි නෙද?
කොහෙත්ම නැ. කොටස් 58 සියල්ල රූගත කරල ඉවරයි . මොන විදිහේ ඉල්ලීමක් ආවත් කුඹියෝ එතනිත් ඉදිරියට යන්නෙ නෑ.

* ඔබ රංගන ශිල්පීන් දෙකොටසක් මේ සඳහා යොදාගෙන තියෙනවා.

අපි චරිතයක් ලියද්දීම කෙනෙක්ව හිතාගෙන ලියනවා. එතනදී ඒ චරිතයට වඩාත්ම ගැලපෙන කෙනා තමයි තෝරා ගන්නෙ. මම පෙෂාද්ගලිකව හිතන දෙයක් තමයි ලංකාව වගේ රටක නළුවා හෝ නිළිය කියන්නෙ බුද්ධිමත් එකෙකුට. මොකද මෙහෙ පුහුණු රංගන ශිල්පීන් අඩුයි. එතකොට මොළේ තියෙන නිදහස් කෙනෙක් නම්, අධ්‍යක්ෂවරයාට පුළුවන් අවශ්‍ය චරිතය හදා ගන්න. ලෝකයේ හොඳම නළුවා ඉදිරියේදී වුණත් අධ්‍යක්ෂවරයාට ඒ අභියෝගය තියෙනවා. මම කෙරුෙව මට අවශ්‍ය මුහුණු ටික හොයාගන්න ඒකl හැබැයි ඒ මුහුණු බොහොමයක් තිබුණේ නෑ ජනප්‍රිය මුහුණු අතර ඉතින් අලුතෙන් මම ඒ මුහුණු හොයා ගත්තා. ඒ වගේම මට ඕන රංගනය ඒ අය ළග ඇතියි කියලා මං විශේවගාස කෙරුවා.
අනිත් කාරණාව මම විශ්වාස කරන්නෙ නෑ ජනප්‍රිය අය නිසා මිනිස්සු නිර්මාණ බලනවා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි ලෝකයම පිස්සුවෙන් වගේ නරඹන ගේම් ඔෆ් කෝන් ජනප්‍රිය වෙන්න ඕන නිර්මාණය සහ අන්තර්ගතය, නළු නිළියෝ නෙමේයි!

* ආපසු හැරිලා බලද්දි "කුඹියෝ” ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මට හිතෙන්නෙ ඕනම කෙනෙකුට හිතෙන විදිහට අරම කරන්න තිබුණා මෙහෙම් කරන්නයි තිබුණේ වගේ හැඟීමක්. නමුත් ප්‍රතිචාර සම්බන්ධයෙන් මම ඉතාම් සතුටු වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියටත් ස්තුතිවන්ත වෙනවා. නිෂ්පාදකවරයා ඇතුළු අපි කණ්ඩායම් හුගක් සතුටින් ඉන්නෙ. මොකද අපි මේක රූගත කරද්දිම හිතුවා මේක මිනිස්සු බලනවා. රටේම කතාබහ කරයි කියලා. ඉතින් එදා අපි හිතපු දේ අද ඇත්ත වෙලා තියෙනවා.

* මොනවද ඉදිරි නිර්මාණ?
දැනට නම් මුකුත් අලුත් දෙයක් සැලසුම් වෙලා නැ. තවම් කුඹියෝ පසු නිෂ්පාදන කටයුතුවල තමයි නිරත වෙලා ඉන්නෙ.

- මාලක නන්දන(මීවිත)