මස්කෙළිය ගවරවිල තේ වතුයායේ ඉකුත් (26) දා අතුරුදන්ව සිටි තරුණියගේ හා තරුණයාගේ මළ සිරුරු
මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ගවරවිල බාග්රෝ ඔයේ ගැඹුරු දිය වලක සිරවි තිබියදී ඊයේ (28) ප.ව.01 .45 ට පමණ නාවික හමුදා කිමිඳුම් කරුවන් විසින් ගොඩ ගන්නා ලදි.
මෙම මළ සිරුරු පිළිබඳව මහේස්ත්රාත් පරීක්ෂණය හැටන් දිසා හා මසේස්ත්රාත් වරයා විසින් ඊයේ පැවැත්විමට නියමිතව තිබුණි.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)