මයිලෝ සීනි වැඩි ප්‍රතිශතය හංගලා
දියවැඩියා දිනේදී ජනපති කියයි
නෙස්ලෝ සමාගමේ චොකලට් මිශ්‍ර කිරි පානයක් වන මයිලෝ Milo තුල සීනි අධික මට්ටමේ පවතින බවටත් එම අගයන් පැකට්ටුවේ පවා සඳහන් නොකර සඟවා අලෙවි කරන බවටත් ජනපති මෛත්‍රිපාල සිරිසේන චෝදනා කර තිබේ.
තමන් සෞඛ්‍ය ඇමතිවරයාව සිටි සමයේ පවා මෙම නිෂ්පාදනයේ සියයට 15 ක අගයක සීනි අඩංගු බව
හඳුනාගත් බව කියා සිටින
මේ සම්බන්ධ බද්ද පමණක් ප්‍රමාණවත් නැති අතරම සීනි ප්‍රතිශත පිළිබඳ නීති රීති අවශ්‍ය බවත් කියා සිටියේය.
දියවැඩියා දිනය වෙනුවෙන් වැඩසටහනකට එක්වෙමින් රටේ ජනතාව දියවැඩියා රෝගයට ගොදුරු කරන ප්‍රධාන සාධකයක් වන්නේ සීනි බව පෙන්වා දෙමින් ජනාධිපති සිරිසේන මේ පැහැදිලි කිරීම සිදු කළේය.