ලංකා ඛණිජතේල් සංස්ථාව ඇනවුම් කරන ලද පෙට්‍රල් නැව කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත්තේ ලබන 09 වැනිදා නිසා ලබන 11 වැනිදා (සෙනසුරාදා) දක්වා රටපුරා පෙට්‍රල් හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවට ද මේ අතර තොරතුරු වාර්තා වේ.
මෙසේ ළඟාවීමට නියමිතව ඇත්තේ neveska lady නැමති නෞකාව වන ඇතර එය 09 වැනිදා අලුයම 00.30ට ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ අනුව නැව කොළඹ වරායට ඇතුල් කර තෙල් පොම්ප කිරිම 09 වැනිදා ආරම්භකළත් ඉන්ධන බෙදා හැරීම 10 වැනිදා සවස් වන තෙක් යථාතත්ත්වයට පත්වනු නොවනු ඇති බවද පැවසේ.