මේ වන විට වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව
එහි කොමසාරිස් ජනරාල්

ජගත් චන්ද්‍රසිරි මහතා සදහන් කරයි.

මේ වන විට අංක තහඩු මුද්‍රණය සඳහා අනුමැති දී ඇති ආයතනයේ ටෙන්ඩර් කාලසීමාව ලබන වසරෙන් අවසන්වීමට නියමිතව ඇත. ඒ අනුව ලබන වසරේ දී අලුතින් ආයතනවලින් ටෙන්ඩර් කැඳවීමේ දී මෙම පහසුකම සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදෙන බවත් කොමසාරිස්වරයා කීය.

ඒ අනුව එළැඹෙන වසරේ සිට වාහන අංක තහඩු සඳහා (RFID – Radio Frequency Identification)පහසුකම එක්කරනු ලබන අතර මෙම ක්‍රමවේදය මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.

මෙම ක්‍රමවේදය හරහා යම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන තොරතුරු මේ වන විට එක්රැස්කරමින් පවතින බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.