2017 දෙසැම්බර් 14 වැනිදා 2049/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ඇමති රාජිත මැදිහත්වී පාරිභෝගිකයින්ට සහන සලසමින්මිල අඩු කරන ලද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල එම ගැසට් පත්‍රයේ පරිදි අවුරුද්දක් දක්වා ලබාදිය ැහකි වුවත් ලෝක වෙළෙඳපොලේ ඩොලර අගය අනුව සිදුවන පාඩුව
පියවාගැනීමට

සියයට 5කින් වැඩි කරන්නට සිදුවුණ බව ඇමතිවරයා දන්වා ඇත.
ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ඖෂධ මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනකරුවන් පාඩු ලබන නිසා මේ මිල වැඩි කිරීමට සිදුවූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍රාජිත සේනාරත්න පවසයි.
කෙසේ වෙතත් මෙම සියයට 5 මිල වැඩි කිරීම අවුරුද්දක කාලයක් බල පැවැත්වෙන බවත් ඒ කාලයේදී ලෝක වෙළෙඳ පොළේ  මිල ඉහළ ගියද ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවද ඇමැතිවරයා කියයි.
මිල වැඩි කිරීම් ගැන විස්තර ගැසට් පත්‍රයෙන් දැක්වෙන බවත් ඒ අනුව බෙහෙත් අලෙවි නොකොට වැඩි මිලට අලෙවි කරන අලෙවිසල් වැටලීම ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මෙතෙක් කලක් රුපියල් 1 ශත 30ට අලෙවි කළ පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1 ශත 37ක් වනු ඇත.