නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි කාර්යබහුල මංසන්ධියක දී මිනී වාහනයක සවිකර තිබූ මළමිනි රඳවනයක් එළියට වැටීමෙන් කලබලයක් සිදුව තිබේ.
මෙම මිනී ප්‍රවාහන රථයේ එම අවස්ථාවේ
සිද්ධිය පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව මළ ගෙදරට සම්බන්ධ ආරංචි වාර්තා කර ඇත. මෙම වාහනය මගින් මළ සිරුරක් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව හිස් අසුරණය ගෙන යද්දී මෙම අකරතැබ්බය සිදුව ඇත.
එය නිසි පරිදි වාහනයේ ඇතුළත සවිකරන්නට මගහැරීම මෙම සිදුවීමට හේතුව බව දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නවසීලන්තයේ අවමංගල්‍ය සේවා සංගමය කණගාටුව පළ කර ඇත.