ගොසිප් ලංකා හෙළිදරව්වෙන් පසු
කුණුහරුප ලංගම ටෙලිෆෝන් ඔපරේටර්ට
විනය පරීක්ෂණ


ඊයේ (21) අප විසින් ඉදිරිපත් කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ පාරිභෝගික සේවා අංශයට ආ දුරකථන ඇමතුමකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ අවධානය යොමුවී තිබෙන අතර ඒ නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුවන බවද අපට දන්වා තිබේ.
අම්පාරට යන බස්රථ තිබෙන වේලාව හා ඒවා වෙන්කරගැනීමේ විකල්ප ක්‍රම ගැන විමසීමට මගියෙකු ඇමතුමක් ලබාගත් අවස්ථාවේ අදාළ නිලධාරියා වැඩිදුර තොරතුරු විමසීමට නොකැමැත්ත පළකරමින්
රිසීවරය තබන අතර දෙවැනි වර

ඇමතීමේදී කුණුහරුපයෙන් බැණවදින්නේ රජයේ ආයතනයකට ලබාදෙන පුරවැසියෙකුගේ ඇමතුමකට ලබාදිය යුතු මූලික ගෞරවයද නොතකමිනි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ කළමණාකාර H.G.C කිත්සිරි මහතා පවසා සිටියේ සිදුවි ඇති දුරකථන සංවාදය ඔහු  ඇතුළු ඉහළ නිළධාරින් විසින් ඇසු බවත් ශ්‍රි ලංගම ගරු සභාපති රමාල් සිරිවර්ධන මහතාගේ නියෝගය අනුව  එම සිදුවිමට අදාළ එම්.ජී.බුද්ධදාස නිලධාරි මහතා වහාම එම ස්ථානයෙන් මේ වනවිට ඉවත් කර ඇති බවයි.
අදාළ නිලධාරියා විශ්‍රාම යාමට තවත් මාස 5 ක් පමණක් ඉතිරිව සිටි වයෝවෘද්ධ රජයේ නිලධාරියෙකු බවද ඔහු පැවසීය.
ඔහුට විරුද්ධව  ආයතනයේ ආරක්ෂක අංශය විසින් විශේෂ විනය පරික්ෂණයක්ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ඔහු දන්වා සිටියේය.
සිදුවු අපහසුතාවය සම්බන්ධයෙන් මධ්‍යම බස්රථ කාර්යාලයේ කළමණාකාර මහතා කණගාටුව පළකර තිබෙන අතර මින් ඉදිරියට මෙවන් සිදුවිම් වලට මගින් අපහසුතාවයටපත් නොකිරිමට කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.

ආන්දෝලනයට මුල්වූ කුණුහරුප ඇමතුම පහත පරිදිය.