ලංකාවේ වාහන දුම් පරීක්ෂාව
තනිකර බොරුවක්
-දිලන්ත මාලගමුව


ලංකාවේ වාහන අදායම් බලපත්‍රය වාර්ෂිකව අලූත් කිරීම සඳහා සහතිකය ලබාගැනීමේදී මෝටර් රථ වාහන දුම්පරීක්ෂා කර  නිකුත් කරන පරීක්ෂණ කිසිදු ප්‍රමිතියක් නැති බවද ඒවා අසමත් වන අය නැති බවද ධාවන ශූර දිලන්ත මාලගමුව මහතා පවසා සිටී.
දුම් පරීක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට වායු දූෂණය අවම කිරීම සඳහා
රජය විසින් විදුලි වාහන සඳහා බදු ලිහිල් කළ යුතු බව ද ඔහු පැවසීය.

"මම වායු විමෝචන පරීක්ෂණය සිදුකරන ආකාරයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එය පරිසරයේ යහපත සඳහා කිසිම දෙයක් සිදු නොකරන්නක්. මෙයින් රජයේ ආදායම වැඩි කිරීම මිස පරිසර දූෂණය අඩු කිරීමක් වෙන්නෙ නෑ. හරි විදිහට බැලුවොත් වාහනවලින් සියයට 80 ක් මෙයින් අසමත් විය යුතු වෙනවා.

පාරිසරික වශයෙන් නුසුදුසු හා පරිසර දූෂණයෙන් යුතු වාහන වැඩිදියුණු කළ යුතුය. ජපානය වැනි රටක මෙම පරීක්ෂාවට අමතරව පාරේ පොලිසිය යොදවා අධික දුම් පිටකරන වාහන හඳුනාගැනීමට ජංගම පරීක්ෂණ යන්ත්‍ර තබාගෙන තිබෙනවා.
අධි විමෝචනය සහිත වාහන හඳුනා ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්  රජය පියවර ගත යුතුය.