විපක්ෂ නායක ආර් සම්බන්ධන් හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.

ඔහුව කොළඹ පෞද්ගලික

රෝහලකට ඇතුලත් කර ඇති බව පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම
යෝජනා සකස් කරමින් සිටි ආර් සම්බන්ධන් විවේක ගන්නා ලෙසට ලැබී තිබු වෛද්‍ය උපදෙස් නොතැකීම මත අධික වෙහස මත රෝගී තත්ව මතුව ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රතිකාර වලින් පසු සුවය ලබනු ඇති බවත් වාර්තා විය.
විපක්ෂ නායකවරයා අද (22) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර මෙම රෝගී තත්වය
හේතුවෙන් එම සංචාරය අවලංගු කර  තිබුණි.