පසුගිය කාලය පුරා රාජගිරිය ප්‍රදේශයේ ඉදිකරමින් පැවති ගුවන් පාලම මේ වනවිට ඉදිකිරිම් අවසන් කර ඇති අතර ලබන ජනවාරි 09 දා විවෘත කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දන්වා
සිටී.
රාජගිරිය
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමට නියමිතව ඇති අතර එය මංතීරු හතරකින් සමන්විතය.
මෙම පාලම නිසා උදෑසන විශාල මාර්ග තදබදයක් පැවති පාර්ලිමේන්තු පාර මින් පසු එම තදබදයෙන් තොර වනු ඇති බවත් කෝට්ටේ - බොරැල්ල අතර ඉතා කෙටි කලකින් ළඟාවන්නට අවස්ථාව උදාවන බවත් වාර්තාවේ.