පොලිස් අත් අඩංගුවට පත් වූ හිටපු ජෝර්ජියානු ජනාධිපති සහ යුක්‍රේනයේ ඔඩෙස්සා පළාතේ හිටපු ආණ්ඩුකාර මිහායිල් සකාෂ්විලි එයින් ගලවා ගැනීමට දෙසැම්බර් 5 වනදා ඔහුගේ ආධාරකරුවන් සමත් වුණා.
2013 තෙක් ජෝර්ජියාවේ ජනාධිපති වූ ඔහු පසුව එරටින් ඉවත් ව යුක්‍රේනයේ පදිංචියට පැමිණියා. ඔහුගේ පැරණි මිතුරකු වූ යුක්‍රේන ජනාධිපති පෙට්‍රෝ පොරොශෙන්කෝ ඔහුට එරට පුරවැසිකම සහ ඔඩෙස්සා පළාතේ ආණ්ඩුකාර පදවිය ද ලබා දුන්නා.
පොරොශෙන්කෝ සාකාෂ්විලිගේ පුරවැසිභාවය අහෝසි කළ නමුත් ටික කලක් පිටරට රැඳී සිටි සාකාෂ්විලි මෑතකදී යළි යුක්‍රේනයට පැමිණියා.
එම අවස්ථාවේ ඔහු පොලිස් අත් අඩංගුවට පත් වූ නමුත් මිහායිල් සකාෂ්විලි ගලවා ගැනීමට ආධාරකරුවන් ක්‍රියා කළ ආකාරය දැක්වෙන විඩියෝව පහතින්