බොලිවුඩ් සිනමාවේ කලකට ඉහත ඉතා ජනප්‍රිය නළුවෙකු මෙන්ම, නිෂ්පාදකයෙකු වූ ශෂී කපූරු ඊයේ දිවියෙන් සමුගත්තා. මියයනවිට 79 වැනි වියෙහි පසුවූ ශෂී කපූර් 2011 වසරේදී ඉන්දියාවේ ඉහළ සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන්ද පිදුම් ලබා ඇති නළුවෙකි.
බ්‍රිතාන්‍ය ජාතික
බොලිවුඩයේ නමගිය කපූර් පවුලේ සාමාජිකයෙකු වන ඔහුගේ සහෝදර සහෝදරියන් වන්නේ රාජ්,ෂම්මි,නන්දි,ඩෙවි හා උර්මිලාය. ඔහුගේ දරුවන් වන්නේ කරන්,සංජන,කුනාල්ය. රන්දීර් කපූර් ද ඥාතියෙකි.
දීවාර් සහ කබී කබී වැනි අතීතයේදී වඩාත් ජනාදරයට පාත්‍ර වූ සිනමා නිර්මාණයන්ට දායක වී ඇත.
මුබ්බායි නුවර අම්භානි රෝහලේදී මියගිය ශෂී කපූර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) උදය වරුවේ පැවැත්වෙන බව වාර්තාවේ.