ලංකාවේ මිල වැඩිම නෝට්ටු මොනවාදැයි
කතාබහට වැටී
ෂෙඩ් එකින් 24000 ක් ඉස්සූ විදේශිකයා CCTV
කටුනේරිය, දෙමටපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයින් දෙදෙනෙකු ගෑස් සිලින්ඩරයක් මිලට ගන්නට අවශ්‍ය බව පවසමින් කථාවට වැටී රුපියල් 24,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන පළා යාමේ සිද්ධියක් වාර්තාවේ.
ඉන්ධන පිරවුම් හලේ එම ස්ථානයේ සිටි සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අවධානය වෙනතක
යොදමින් එක් විදේශිකයෙකු
මෙරට ඇති වැඩි වටිනාකමක් තිබෙන මුදල් සම්බන්ධයෙන් විදේශිකයා විමසමින් ඔහු තමන් අත තිබෙන මුදල් දැක ගැනීමට ඉල්ලාගත් බවත් ඔවුන් එතැනින් පිටව ගිය පසු අතේ තිබුණ මුදල් 24000 ක් අඩු බව වැටහී ගිය බවත් සේවකයා පවසා ඇත. කිලෝ ග්‍රෑම් 05 ක් බර ගෑස් සිලින්ඩරයක් අවශ්‍ය බව කියමින් ඔවුන් මුලින්ම කතාවට වැටුණ බවද පවසා ඇත.
පළාගිය ගිය විදේශිකයින් දෙදෙන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
පසුගිය 14 වැනිදා සවස මෙම මුදල් වංචාව සිදුවූ අයුරු සීසීටීවී වීඩියෝව පහතින්