ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පුවත්පතකට කළ ප්රකාශයක් පහත පරිදිය.
ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයට අයත්වුණ කොළඹ මහ නගර සභාවේ බලය ලබාගත හැකි මට්ටමක තිබෙනවාද?
ජයග්රහණය කෙසේ වෙතත් ගිය වතාවට වඩා අපි හොඳ සටනක් දෙනවා. ලිස්ට් එකේ හොද පිරිසක් ඉන්නවා. යූ.එන්.පී යට තනියෙන් මේ පාර බලය පිහිටුවන්න ලැබෙන් නෑ. පළමු වතාවට යූඑන්පී එකව පැහැදිලි
ජග්රහණයක් ලැබෙන්නනැති වෙනවා ෂුවර් එකටම,
මන්ත්රීවරු 40කට වඩා ලබාගන්නා පුළුවන් මටිටමක තිබෙනවා. පැහැදිලිව කවුරුවත් දිනන් නෑ. නගරාධිපති තොරන්න වෙන්නෙ රහස් ඡන්දයෙන්. එහෙම වුණොත් යූ එන්පී එකට ලොකු පරාජයක්, මම ෆයිසර්ගෙ ෆවුසිගේ කැම්පේන් මීට පෙර කළා.
කවදාවත් නොදැක්ක විදිහට ග්රඋන්ඩ්පාස් ඛෙත්තාරාමේ අපි මේ වතාවේ අපි කාර්යාල දැමීමා. ඒවා යූඑන්පී බලකොටු, අපට කොටිඨාස 46න් 10ක් විතර පැහැදිලිව දිනාගන්න පුළුවන්, ඒවයේ බහු ආසන තියෙනවා. උතුරු කොළඹත් අපට වාසි කොට්ඨාස කිහිපයක් තියනවා.දෙමටගොඩ අපට හොඳයි. නැගෙනහිර කොළඹ හා බොරැල්ල අපි දිනනවා.