පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ (17) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ඉන්දීය ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේ දීත්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට වෛද්‍ය සංගම් බාධා කිරීම විහිළු සහගත කරුණක්. කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අධික මිල ගණන් යටතේ ඇති ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.