ජපන් දිවිනසාගැනීම යූ ටියුබ් දැමූ 
ලොගන් පෝල් සමාව ගනී

ලක්ෂ 155ක් සාමාජිකයින් එක්ව සිටින යූටියුබ්හි ප්‍රකට වීඩියෝ බ්ලොග් කරුවෙකු වන ලොගන් පෝල් සිය ජපන් සංචාරය අතරතුර අත්දැකීමක් බෙදාහදාගන්නට යාමේදී ඇතිවූ අත්වැරැද්ද සම්බන්ධයෙන් සමාව භජනය කර වීඩියෝවක් නිකුත් කර තිබේ.

පසුගිය සතියේ ලොව

පුරා ආන්දෝලනයක් ඇති කරවන්නට සමත්වූ ලොගන් පෝල්ගේ a dead body in the 'suicide forest' of Japan නමැති වීඩියෝව මගින් ජපානයේ දිවිනසාගැනීම් සිදු කරන අය ගමන් කරන බව කියන මවුන්ට් ෆුජිහි අකිගහරා නමැති වනාන්තරය ගැන විස්තරයක් ඔහු ඉදිරිපත් කරද්දී ඔහු ගමන් කරන මාවතේ ගසක එල්ලී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් වීඩියෝව මගින් ප්‍රසිද්ධ කර ඔහු එය දැක ඇතිවූ කම්පනය විස්තර කර තිබුණි. මෙම මියගිය පුද්ගලයා තරුණ වියෙහි පසුවන්නෙකු වූ අතර ඔහුගේ ගමන් මල්ලද ගස ආසන්නයේ තිබුනි.
මෙවැනි මරණයක් වාර්තා කිරීම හිතකර නොවන බවට වීඩියෝව නිකුත්කිරීමෙන් පසු ලොව පුරා කතාබහක් ඇති විය.
යූ ටියුබ් ආචාර ධර්ම අනුවද ලොගන් පෝල් මෙවැනි දෙයක් ප්‍රචාරය කිරීම නීති විරෝධී බව පැවසිණි. මෙම විවේචන වලින් අනතුරුව ලොගන් පෝල්ගේ වීඩියෝව ඔහු විසින්ම ඉවත් කරගෙන තිබුණ අතර ඒ පිළිබඳ සමාව ඉල්ලා වෙනත් වීඩියෝවක්ද ඔහු පළ කළේය.