ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින්
මහේල ඉන්දියාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ජීවිතයේ අලුත්ම වෙනසක් ඇති කරගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව මුල් තැනට ගෙන තිබූ ඔහු මේ වනවිට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිය වේලාව හා කැපවීම වැඩි කර තිබෙන අතර ඉදිරියේදී ව්‍යාපාර පුළුල් කරගෙන ලංකාවෙන් පිටතට සිය ව්‍යාපාර ගෙනයාමට සැලසුම් සකස් කර ගෙන තිබේ. මහේලගේ පවුල සම්බන්ධ වෙනසක් ගැනද මේ වනවිට
අන්තර්ජාලයේ තහවුරු නොකළ ආරංචි පැතිර යන අතර ඔහුගේ මේ ඉදිරිගමන ලහිලහියේ සිදුවන්නේ සියලු කලබලයන් මැදය.
මහේල හා සංගක්කාර දෙදෙනාට අයත් කොළඹ පිහිටි ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්‘ කකුළු අවන්හල මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 ඇතුළට
දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් මහේල මෙම අවන්හල ඇරඹුවේ ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රසබැලීමේ ඔවුනගේ විනෝදාංශයට රුකුලක් වනු පිණිසය. කෙසේ වෙතත් ලෝක ප්‍රකට ක්‍රීඩක දෙපළගේ නාමයන් සමග මෙහි ප්‍රවර්ධන කටයුතු පහසුවූ අතර සංචාරකයින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගන්නට හැකි විය.
මහේල පසුගිය සතියේ මෙම අවන්හලේ දියුණුව නිහතමානීව සමරන ලද අතර ඔහුගේ ඊළඟ සැලසුම හෙළි කරමින් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ සිට ඉන්දියාවේ මුම්බායිහි ශාඛාවක් විවෘත කරන බවයි. Gourmet Investments Pvt Ltd නමැති සමාගම මෙහිදී මහේල සමග හවුල් ගිවිසුමකටද අත්සන් තබන ලදි.
මහේල IPL තරගාවලිය ඉලක්ක කර මෙම අලුත් ශාඛාව මුම්බායිහි විවෘත කරනු ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම රසිකයින්ට එම ස්ථානය ප්‍රවර්ධනය පහසුවනු ඇති බවත් පවසා තිබේ.
ඉදිරියේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස එක්වන මහේලට මෙම ව්‍යාපාර ජාලයද සමග ඉන්දියාවේ වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව උදාකර දෙනු ඇත.
මහේල සිය විවාහක බිරිය ක්‍රිස්ටිනාගෙන් නීතියෙන් වෙන්වූ බවටත් දරුවා ඇය භාරයේ තබන ලද බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ ආරංචි පැතිර තිබෙන අතර මහේල ඒ සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත.
මහේල මේ දිනවල වඩාත් උනන්දුවෙන් සිටින්නේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙනි.