මත්පැන් අලෙවිසැල් ආශ්‍රිතව රැකියා කිරීම සහ මත්පැන් මිලදී ගැනීම සම්බන්ධව ආන්දෝලනයට තඩුදුන් ජනපති තීරණය ගෝත්‍රික තීරණයක් වන නමුත් කැබිනට් මණ්ඩල සාමුහිකත්වයට ගරු කිරීමක් ලෙස එකඟවන බවත් පැවති තහනම ඉවත් කරමින්
නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළකර ඇත්තේ කැබිනට් මණ්ඩල හමුවේදී අදාළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය එළඹී එකඟතාව සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.
ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර දැඩිව සඳහන් කර ඇත්තේ කාන්තාවන් සම්බන්ධව පැවති යල්පැනගිය නීති සංශෝධනය කිරීමට අදාළව එම ගැසට් නිවේදන නිකුත් කළේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව මිස බීමත්කම ප්‍රවර්ධනය කිරීමක් ඒ හරහා තමන් අරමුණු නොකළ බවය.