අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු
අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්
මාර්තු මස 08 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.
වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්. එම්. බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. එම්. පී. ෆර්ඩිනැන්ඩු යන අයටද මෙම සිතාසි යොමු කර තිබේ.
ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමකදී අක්‍රමිකතා සිදුව ඇති බවට පරීක්ෂණ
අල්ලස් කොමිසම මගින් කළ පැමිණිල්ලක් මත යොමුවූ එම චෝදනා පත්‍රයෙන් සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩුභාණ්ඩ 19ක් ද නම් කොට තිබේ.