ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්යමණ්ඩලයට ඇඟිලි සලකුණු යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව 2018.01.03 දින සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භකර ඇත. ඔවුන්ගේ මූලික ඉල්ලීම වී ඇත්තේ  ඇඟිලි
සලකුණු යන්ත‍්‍ර

ක‍්‍රියාත්මක නොකරන ලෙසයි.හෙද හෙදියන් සඳහා නිල නිවාස පහසුකම්, රාජකාරියට පැමිණීමට හා නිවෙස්වලට යාමට විධිමත් ප‍්‍රවාහන පහසුකම් හෝ ප‍්‍රවාහන පහසුකම් සඳහා ඇමතිවරයා ලබාදෙනවා යැයි කියූ බදු රහිත වාහන බලපත‍්‍රය ලබා නොදී මෙය පමණක් සවිකිරීම අසාධාරණ බව ඔවුහු කියති.
    අද වන විට සටනට දින 05ක් ගතවී ඇති අතර මේ වන විට රෝහලේ අනෙකුත් කාර්යමණ්ඩලද මෙම සටනට සහය දීමට හෙද හෙදියන් සමග එකතු වී ඇත.
    එසේම මෙම සටනට සහය පළකරමින් හා ශ‍්‍රී ලංකා ජාතික රෝහල සහ අනෙකුත් රෝහල්වලද ක‍්‍රියාත්මක කිරීමට යන ඇඟිලි සලකුණු ක‍්‍රමයට විරෝධය පළකිරීමටත් හෙද හෙදියන්ගේ ගැටළු නොවිසඳීමටත් එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව 2018.01.08 දින දවල් 12ට ශ‍්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු ප‍්‍රධාන රෝහල් ගණනාවක් ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම්කර කර ඇත.