මෙවර පුංචි ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින අයකු දැරියකට ලිංගික අපයෝජනයට ලක් කිරීමට තැත් කලා යැයි චෝදනා ලැබ 29 වනදා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත භාරවී තිබේ.
ඔහු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම්මානයක නිවසක තනිවම සිටි වයස අවුරුදු 16යි මාස7ක් වයසැති දැරියක් අපයෝජනය කිරීමට තැත් කලේ යැයි පසුගිය 26 දින දැරිය විසින් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඔහු පොලිසියට භාරවූ අතර පසුව මගියංගණ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට යෙදිණි.
ඔහු
අනතුරුව මහියංගණ මහෙස්ත්‍රත් නාලක වීරසිංහ මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් පුද්ගලයන් දෙදෙනකුගේ ශරිර ඇප මත ඔහුව මුදාහැර තිබේ.
අපයෝජන තැත පිළිබඳ පැමිණිලි කරනු ලැබූ දැරිය වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා මහියංගණ මූලික රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ට පොලිසිය පරික්ෂණ පවත්වයි.