මහනුවර කොළඹ ලංගම බස් රථයක සේවය කරන මත්කුඩු ජාවාරමේ නිරත බවට සැකකරන කොන්දොස්තරවරයකු කුඩු
මිලි ග්‍රෑම් 1150 ක්
සැකකරු කොන්දොස්තර වෘත්තියට අමතරව කොළඹ සිට මත්කුඩු රැගෙනවිත් කඩුගන්නාව ප්‍රදේශයේදී අලෙවි කිරීම සිදුකරන බවට ලද තොරතුරක් අනුව පොලිස් පරීක්ෂක තුසිත දොඩගම්මන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය සිකුරාදා (12 දා) පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත පො.ප. තුසිත දොඩගම්මන, පො.සැ. බණ්ඩාර, පො.සැ. ධර්මරත්න, පො.සැ. ජයසිංහ, පො.කො. වීරසිංහ සහ පො.කො. දිසානායක යන නිලධාරීන් කණ්ඩායම විසින් වැටලීම සිදුකරන ලදි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්. එච්. සිසිර කුමාර සහ මූලස්ථාන භාර ප්‍ර.පො.ප. ඩී. ආර්. එස්. ධර්මදාස යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර නීතිමය කටයුතු සිදුකෙරේ.
සිරිල් විමලසුරේන්ද්‍ර