තාත්තාගේ සියලුම ගීතවල අයිතිය මගේ
ඔහුට අපට නඩු දාන්න බෑ- ජයන්ත
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි. නමුත් ඒ ලිපිය ලැබීමෙන් පසුව විකාශය වුනු රූපවාහිනී වැඩසටහනකදී වික්ටර් රත්නායගේ පුතුණුවරු වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක දෙදෙනාම තම පියාගේ ගීත ගායනා කර තිබුනේ අරියාදුවට මෙන්ය.
වික්ටර් රත්නායකගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරියේදී ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද
යන ගැටලුවක් මතුව තිබෙන අතර මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළි කරමින් ජයන්ත රත්නායක ඒ ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
‘එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ. ඒ කිසිම හේතුවක්
2013 වසරේදී තාත්තා ඔහුගේ ගීතවල කර්තෘ භාගය ලබාගැනීම ගීත පැවැරීම ඇතුළු සියලු අයිතීන් නීතිඥයෙක් ඉදිරියේ මට ලියා දුන්නා. ඒ නිසා අපට එවපු ලිපිය සම්බන්ධයෙන් මට බයවෙන්න කිසිම හේතුවක් නැහැ. ජීවිත භුක්තිය තියාගෙන නෙවෙයි තාත්තා ඔහුගේ ගීතවල අයිතිය මා වෙත පැවැරුවේ. ඒ නිසා මින් ඉදිරියට ඔහු ගායනා කරන ගීතවල අයිතිය විතරක් නෙවෙයි ඒවායේ කර්තෘ භාග පවා හරිනම් අයිති මටයි.
තාත්තා හොඳටම දන්නවා නඩු දැම්මොත් මොනවාද වෙන්නේ කියලා. ඔහු සමග