අද (10) සවස 4.00 වන විට 65% ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් උපුටමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මාතලේ දිස්ත්‍රීකයේ 80% ක්,ගම්පහ දිස්ත්‍රික්කයේ 75 % ක් , නුවර එළිය දිස්ත්‍රික්කයේ 60% ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ 80% ක් ,පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 75% ක් වශයෙන් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කර තිබේ.
එසේම මාතර දිස්ත්‍රික්කයේ 70% ක්. කළුතර දිස්ත්‍රික්කයේ 80% ක් ,
මේ අතර අද පස්වරු 2.00 වන විට මොනරාගල දිස්ත්‍රික්කය 80 % ක් හා බදුල්ල දිස්ත්‍රික්කය 65 % ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කය 73% ක් , මන්නාරම දිස්ත්‍රික්කය 70% ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 70% ක් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ප්‍රකාශ කර තිබේ.