විමලරතන අනු නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර සරසවි ක්‍රීඩා පිටියේදී සිදු කරන්නට කටයුතු යොදා තිබේ. මේ මෙහ්තුවෙන් මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර ඇත.
ශ්‍රී දේහය රැගත් පෙරහර බෙල්ලන්විල රඡමහා විහාරස්ථානයේ සිට පස්වරු 1.00ට පිටත්වන අතර
බොරලැස්ගමුව හංදියේ සිට මාර්ග අංක 120 මාර්ගයේ රත්තනපිටිය හන්දියට පැමිණ රත්තනපිටිය හංදියෙන් විශ්වවිද්‍යාල මාවත ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණිමට නියමිතය.
ආදාහන පෙරහර හේතුවෙන් ගමනාගමනය සිමා කර ඇති මාර්ග මෙසේය.
මෙම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පස්වරු 12.30ට පමණ මහරගම දෙහිවල මාර්ගගය බෙල්ලන්තර හදියෙන් බොරලැස්ගමුව දෙසට ගමන් ගන්නා වෘහන සඳහා බෙල්ලන්තර හංදියෙන් වාහන ගමනාගමනය සීමා කිරිම  විකල්ප මාර්ගය
දෙහිවල සිට බොරලැස්ගමුවට පැමිණෙන සියලුම වාහන බෙල්ලන්තරර හාදියෙන් වමට හැරි කීල්ස් වටරවුම දක්වා පැමිණ කීල්ස් වටරවුමෙන් දකුණට හැරි 117 බස් මාරිගයේ පැපිලියාන හංදියට පැමිණ 120 මාර්ගයට ප්‍රවේශ විය හැක.

ආදාහන පෙරහර බොරලැස්ගමුව හංදියෙන් 120 මාරිගයේ රත්තනපිටිය හංදිය දෙසට ගමන් කිරිමේ දි 120 මාර්ගයේ කොළඹින් පිටවිමේ මංතීරුව දෙපසට ගමනාගමනය සඳහා යොදා ගැනීමට කටයුතු කරන අතර පෙරහර රත්තනපිටිය මංසන්ධියට ළගා වන විට 120 බස් මාර්ගය බොරලැස්ගමුව හංදියෙන් සහ  පැපිලියාන හංදියෙන් වාහන ගමනාගමනය සිමා කිරීමට කටයුතු කරනු ඇත. විකල්ප මාර්ගය:.
බොරලැස්ගමුව හංදියෙන් කොළඹ දෙසට ගමන් කරන වාහන බොරලැස්ගමුව දෙහිවල මාර්ගයේ බෙල්ලකර හංදියට ගොස් බෙල්ලන්තර හංදියෙන් දකුණට හැරි කිස් වටරවුමට පැමිණ කීල්ස් වටරවුමෙන් දකුණට හැරි 117 බස් මාර්ගය ඔස්සේ පැපිලියාන මංසන්ධියට පැමිණ පැපිලියාන මංසන්ධියෙන් වමට හැරී කොළඹ දෙසට ගමන් කළ යුතුය.
මිට අමතරව බොරලැස්ගමුව හදියෙන් දකුණුට හරවා මහරගම හංදියට පැමිණ මහරගම හන්දියෙන් හයිලෙවල් මාර්ගයේ වමට හැරී කොළඹ දෙසට ගමන් කළ හැක. රත්තනපිටිය හන්දියට ආදාහන පෙරහර ළඟාවන විට විශ්වවිද්‍යාල මාවත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් වෘහන ගමනාගමනය සීමා කෙරි.
විජයරංම හංදියේ සිට මහරගම දක්වා දිස්වෙන එගොඩවන්න මාර්ගය විජයරාම මංසන්ධියෙන් සහ ශ්‍රී ඡයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආදාහන පෙරහර විශ්වවිද්‍යාලය අසලට පැමිණෙන විට වාහන ගමනාගමනය සීමා කිරිමට කටයුතු කරනු ඇත.
එගොඩවින්න පාර පදිංචිකරුවන් සදහා විශ්වවිද්‍යාලය මකෙක් ඇතුළුවීමට ඉඩකඩ සලසා ඇති අතර විජයරාම හන්දියේ සිටින පදිංචිකරුවන් සදහා විශ්වවිද්‍යාලය අසල රබර්වත්ත පාර දක්වා ගමන් කිරිමට හැක.
ආදාහන පූජෝත්සවයට පැමිණෙන සියලුම වංහන ආදාහන පෙරහර විශ්වවිද්‍යාල පරිශ්‍රයට පිවිසීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රධාන දොරටුවෙන් ඇතුළු කිරීම සිදු නොකරන අතර ඉන් පසු පැමිණෙන සියලුම වාහනවලට රත්තනපිටිය දෙල්කඳ මාර්ගයේ අදිරිස් මාවත ඔස්සේ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පිහිටි රථගාල භාවිතා කළ හැක.