අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වසර අග වන විට සෑම ගමකටම වයිෆයි ලබාදෙන බවට කළ ප්‍රකාශයත් සමග නොමිලේ ලබාදෙන වයිෆයි රටේ දැවෙන අර්බුදය වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(06දා)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු කාර්යාලයේදී මාධ්‍යයට මෙම අදහස් ප්‍රකාශ කළේය.

ගම්වාසීන් විසින් ඔවුන්ගේ ගොවිතැන්වලට පොහොර ලෙස වයිෆයි යෙදිය හැකිදැයි අසන බවත් රාජපක්ෂ මහතා පවසා සිටියා.

"වර්තමානයේ මේ රටේ දැවෙන අර්බුදය නොමිළේ වයිෆයි නැතිකමයි. ගමේ මිනිස්සුන්ට මේ මොහොතෙ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ පොහොර වගේ දේවල් නෙමෙයි. වයිෆයි. ඒනිසා එතුමන් ඒක දෙන්නම ඕන. ඒකයි එතුමා කොල්ලො කෙල්ලොන්ට ලවු කරකර ඉන්න කියන්නෙ. වෙන වැඩක් නෑ. ලවු කරන්නත් කන්න එපායැ" යනුවෙන්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.