ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ එම ළමා නිවාසයේම සිටි සැකකරුවන් 07 දෙනෙකුගෙන් සිවුදෙනෙක් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බාලවයස්කාර සැකකරුවන් තිදෙනා පරීවාස භාරයට පත්කරන ලෙසත්
නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය නියෝග කළාය.

එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ  රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන්

හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසීය පැවසීය.

ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේය.
ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින්  අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසීය.
මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.