වාහන නවීන ආකාරයට වෙනස් කිරීමේ නීති රීති රටින් රටට විවිධ වෙයි. චීනයේ මේ සම්බන්ධ පවතින නීතිය ගැන අවබෝධයෙන් තොරව අලුතින් සිතන්නට කැමති තරුණයෙකු ඇබැද්දියට පත්වූ ආරංචියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භාවිතයෙන් ඈත් කර තිබු ට්‍රක් රථයක් යුද ටැංකියක් බවට පරිවර්තනය කිරීමට මෙම උත්සාහය ගෙන තිබුනේ
දකුණු චීනයේ

ගුවාංෂිහි ලයිබින් නගරයේ හුවාංග් නමැති පුද්ගලයෙකි.
ඔහු මෙම රථය වෙනස් කිරීම සඳහා මාස දෙකක කාලයක් ගතකර ඇත. ට්‍රක් රියේ හැඩය වෙනස් කිරීමෙන් නොනැවතී ඊට යුද ටැංකියක බටයක් සහ රාඩාර් සංඥා තැටියක්ද ඔහු සවි කර තිබුණි.
එය සමාජ මාධ්‍ය ජාල හරහා සිය මිතුරන් වෙත යැවු පසු විශාල අවධානයක් ලබාගන්නට හැකියාව ලැබුණත්
මෙම රථය මාර්ගයට යොදවා ධාවනය කරන්නට දැරූ පළමු උත්සාහයේදීම පොලිසිය අල්ලා තිබේ.
මහජනතාවට බිය ඇති කරන ආකාරයට වාහන නවීකරණය කර මාර්ගයේ ධාවන කළාට යුවාන් 1,750ක (ඩොලර් 278) දඩයක් නියම කළ පොලිසිය ඔහුගේ රියදුරු බලපත්‍රයද අවලංගු කර ඇත.