ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයක් කරමින් එරට ජනාධිපති ෂී ජින්පීන්ග්ට දිගටම බලයේ රැඳී සිටීම සඳහා පෙරේදා (25) ඉඩ සකසා දුන්නේය. සීමාවක් නොමැතිව බලයේ රැඳී සිටීමට ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා

දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දගක ගණනක් පැවැති නීතිරිති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේකූයේ සමයේ පැවැති ආගමික, වන්දනිය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව "නිව්යොක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර කිබිණි. ව්‍යවස්ථාව වෙනස් කිරිම සඳහා අදාළ යෝඡනාව ඉදිරිපත් වූයේ පෙරේදා (25) වන අතර එය ෂී ජින්පීන්ග්ජනාධිපතිවරයාගේ පාලනය ගන්නා ලද එඩිතරම තීරණයකි.
ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට්

පක්ෂයේ පාලනය ශක්තිමත් කිරිමේ ක්‍රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩ පිළිවෙළ සඳහා ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්‍ර පාර්ශව යෝඡනා කර තිබේ.
මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පීන්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවන, එසේ නැතිනම් 'වන් බෙව් වන් රෝඩ්” ගෝලිය යටිතල පහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂි ජින්පින්ගේ නායකත්වය යටතේය. චිනය නවීකරණය කිරිමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පීන්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දි කටයුතු කරයි.
චීන ජනාධිපතිවරයාට දිගටම බලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වන නිවේදනය මේතරම් ඉක්මනින් ප්‍රකාශයට පත්වීම චීන
දේශපාලනය නිරික්ෂු ණය කරන අත්දැකීම් ඇති විල්ලේෂකයන් ද පුදුමයට පත් කර තිබේ. චීන ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය අවසන් වන්නේ ලබන මාසයේදීය.
දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපතිධුරයෙන් ඉවත් වී රට පාලනය කිරිම හැකියාවද චීන ජනාධිපතිවරයාට තිබුණේය. මීට පෙර චීනයේ සිටි ජනාධිපතිවරුන් ද එසේ කර තිබේ. මෙම තිරණයන් සමඟ චීනය තුළ දේශපාලන ලිබරල්කරණය වෙනුවෙන් හඩ නගන පිරිස්වලටද බලපෑමක් එල්ල වී තිබේ. දීර්ඝ කාලයක් බලයේ සිටිම මේ වනවිට ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. රුසියානු ජනාධිපති පුටින් මේ වසරේදි සිව්වැනි වරටත් ජනාධිපතිවරණයට තරග වදී. වසර 2000දී බලයට පත්වූ පුටින් 2008 වනතෙක් ඡනාධිපතිධුරය දැරිය. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අඛණ්ඩව තෙවරක් ජනාධිපතිධුරය හෙබවිය නොහැකි බැවින්
හෙතම 2008 වසදී අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර තෙවැනි වරට 2012දි ජනාධිපතිධුරයට පත්විය. වැලැදිමිර් පුටින් 2013 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඡයග්‍රහණය කළහොත් හෙතම 2024 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරිමට සුදුසුකම් ලබනු ඇත. දිගටම බලයේ රැඳී සිටීම කටයුතු සකස් කරගත් අනෙක් ප්‍රධානතම රාජ්‍ය නායකයා තුර්කි ජනාධිපති රි‍චෙප් තායිප් එර්දොවාන්ය.
 සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ පැවැති තත්වය අනුව ෂී ජනාධිපතිවරයාට බලයේ රැඳී සිටිය හැකිව තිබුණේ වසර 10ක් පමණි. ෂී ජින්පින් ජනාධිපතිවරයා පළමු වරට ජනාධිපතිධුරයට පත්වූයේ 2013 වසරේදීය. එහෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂ නායකත්වය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා දෙවරක් පමණක් ධුරයේ රැඳී සිටිය යුතු බවට ව්‍යවස්ථාවේ දැක්වෙන වගන්තිය ඉවත් කිරීමට යෝඡනා කරමින් අදාළ සංශෝධන සිදු කරමින් ජනාධිපති ෂී ජින්පින් දිගටම බලයේ සිටීමට මාර්ගය සකසා දුන්නේය.
මෙම නව සංශෝධනයත් සමඟ දැනට 64 වන වියේ පසුවන ෂී ජින්පින්ගේ ජනාධිපතිවරයාට වසර 2023න් පසුද බලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.