අධිකරණ වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයන ගණිකා නිවාසයක් පවත්වාගෙන යන පොලිස් පරීක්ෂකවරයකුගේ අනියම් බිරිඳක් බව පැවසෙන කාත්තාවක් මිහින්තලය පුජා භූමියේ පිහිටි කටුසෑයට පැමිණ ගණිකා නිවාසය වැටලූ පොලිස් නිලධාරීන් බංගවේවා යැයි කියමින් පසුගියදා (23) දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගැසූ බව සඳහන්ය.

 අනුරාධපුර පොලීස් කොට්ඨාසයේ පිහිට් ග්‍රාමීය පොලිස්ථානයක සේවයේ නියුතු පොලිස් පරීක්ෂ කවරයකු අනියම් බිරිඳක් බව කියන ඇයව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කරන

ලෙස නියෝග කරමින්

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවස්ථා කිහිපයක් වරත්තු නිකුත් කර තිබේ.
සැකකාරිය කිසිදු අවහිරයකින් තොරව වසර ගණනාවක් තිස්සේ ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් තිබුණි. අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිළිණ ප්‍රියංකර හේවාපතිරණ මහතාට ඒ ගැන දැනගැනීමට ලැබීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මීට සති තුනකට පමණ ඉහත දී එම ගණිකා නිවාසය වටලා ගණිකා වෘත්තියේ නියැළුණු සැකකාරියන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

වැටලීම කරන අවස්ථාවේ පොලිස් පරීක්ෂකවරයාගේ අනියම් බිරිඳ බව සඳහන් කාන්තාව හා ගණිකා නිවාසයේ කළමනාකරු පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පලාගොස් තිබුණි. සිය ගණිකා නිවාසය වටලා ආදායම් මාර්ගයන් අහුරා දැමු පොලිසියේ නිලධාරීන් භංගවේවායි කියමින් ඇය මිහින්තලය පිහිටි කටු සෑය අබියස කපු මහතකුගේ සහාය ඇතිව සංඛ පදුමබහිරව දේවතාවුන්ට කන්නලව් කර නමුත් ඊට අමතරව සිය අනියම් සැමියාට අපහාස වන අයුරින් පුවත්පත් වාර්තා සැපයූවන්ටත් හොඳක් නොවේවායි කියපින් පුජා වට්ටි තබා පොල් ගසමින් ඇය පසුගිය සිකුරාදා දිනයේ දෙවියන්ට කන්නලව් කළ බව වාර්තා විය.