නිදහස් දිනය දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ උද්ඝෝෂණය අතර ‘බෙල්ල කට්‘ සංඥාවක් නිකුත් කිරීම නිසා වැඩ තහනමට ලක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක
ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීමට
ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය කටයුතු කර ඇත.
රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට තරම් නොවන හැසිරීමක් ඔහු පෙන්නුම් කළා යයි පවසා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර දැක්වූයේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බව හා ඒ වෙනුවෙන් තාවකාලිකව අදාළ බ්‍රිෙග්ඩියර්වරයාගේ සේවය ඉවත් කළ යුතු බවයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ඒ වෙත යොමුවූයේ අද දහවලේය.
එම නියෝගයෙන් අද දින (07) නැවත එම නිළධාරියා සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
මෙම තහනම පැනවූ අවස්ථාවේ සිට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි පුළුල් මෙහෙයුමක් දියත් කර එම ක්‍රියාව විවේචනය කර තිබුණි.